Tuesday, July 7, 2015

මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න

මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න 


අද කාලේ කොල්ලෙකුට සිගරට් එකක් බොන්න කොච්චර අමාරුද කාලයක් පොලිසියෙන් දලා ඇල්ලුවා..දඩ ගැහුවා උසාවි දැම්මා......ඇයි එහෙම කරන්නේ තොල් දෙක අතරින් තියලා දුම් උගුරක් අදිනකොට මොන තරම් පිරිමි කමක් ඇගට එනවද නේද?ඇයි මේකට විරුද්ධ වෙන අයට එක තේරෙන්නේ නැත්තේ.........ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රසිද්ධ තැන් වල දුම් බොන්නා මෝඩයෙක්  කියලත් ගහලා තියෙනවා.සිගරට් පෙට්ටියක් ගත්තම රජයේ අවවාදය දුම්බීම අහිතකරයි කියලත් ගහලා තියෙනවා මොන තරම් අසාධාරණද ?
                                        

පේනවනේ ගහලා තියෙනවා.........ඇත්තටම දුම්බිමෙන් තියෙන වාසි කොච්චරක් තියෙනවද ?
                                    
දුම් බොන ඕනෑම කෙනෙකුට එක හින්දා ඇති වෙන වාසි තුනක් තියෙනවා මෙන්න ඒවා ටීක

01-දුම් බොන කෙනෙකුගේ ගෙදරට කවදාවත් හොරු පනින්නේ නෑ
02-දුම් බොන කෙනෙක් පස්සේ කවදාවත් බල්ලෝ එළවන්නේ නෑ
03-දුම් බොන කෙනෙක් කවදාවත් වයසට යන්නේ නෑ

ඉතින් මෙච්චර වාසි තියෙනවානම් දුම්බිමට මෙච්චර විරුද්ධ  මොකද?මෙන්න රජෝ ඒ වාසි තුන අත් වෙන විදිහ 
01-දුම් බොන කෙනෙකුට කවදාවත් යහතින් නිදාගන්න වෙන්නේ නෑ මොකද රෑ තිස්සෙම කහිනවානේ ඉතින් හොරු හිතන්නේ ගෙදර මනුස්සයා ඇහැරලා ඉන්නේ කියලා 
                                     
02-දුම් බොන කෙනෙකුට කවදාවත් කොන්ද කෙලින්  තියාගෙන දෙපයින් ඇවිදගෙන යන්න වෙනේ නෑ.මොකද ඇග දුර්වල වෙලා පපුවට අත තියාගෙන තමයි යන්න වෙන්නේ එතකොට හැරමිටියක් ගන්න වෙනවා.ඉතින් අතේ පොල්ලක් අරන් බිමට ඇන ඇන යන මනුස්සයෙක් පිටිපස්සේ බල්ලෝ එලවන්නේ නැනේ 
                                   
03-දුම් බොන අ ය කවදාවත් වයසට යන්නේ නෑ.මොකද අඩු වයසින් මැරෙනවානේ.....................
                                     
මේ වගේ වාසි ගන්නනම් දුම් බොන්නම වෙනවා නේද?


                                 දුම්බීමෙන් හානි වූ පෙනහළුවක් දකුණුපස 



                                                  

No comments:

Post a Comment