Tuesday, July 7, 2015

සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

මම ඉස්සර වෙලාම බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද කියල.....කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ තමයි අහම්බෙන් කියන එක.......ඇත්තටම නිකන් අන්තර්ජාලය සැරිසරනකොට තමයි මම ඉස්සර වෙලාම බ්ලොග් කියන එක දැනගත්තේ .......අපිට ලස්සන භාෂාවක් තියනවා ඒ සිංහල.......සිංහල කියන ජාතිය හැරුනම මම දන්න තරමින් වෙන ලෝකේ කිසිම ජාතියක් සිංහල භාවිතා කරන්නේ   නෑ......අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් රුසියාවේ යනවා රංගනය ගැන ඉගෙන ගන්න.......එහෙ ගීයාට පස්සේ එයාට මුලින්ම හම්බ වෙන්නේ.....වචන උච්චාරණය කිරිම ගැන ඉගෙන ගන්න ඒකට ඒ අය භාවිතා කරන භාෂාව තමයි සිංහල .........ඒ තරමට අපේ රටේ භාෂාව ලස්සනයි......


එහෙම ලස්සන භාෂාවකින් බ්ලොග් එකක් ලියන්න ලැබීම හරි වටිනවා...........ඉතින් අපි ලිවුවාම කියමුකෝ අපි ලියපු එක තව කෙනෙක් කියවන්න ඒ ගැන දැනගන්න එපැයි...එහෙම නැත්තන් ඉතින් වෙන්නේ අපේ එක අපිටම කියවගන්න වෙන එක තමයි......අපි ලියන බ්ලොග් එක අනිත් අය ගාවට ගෙනියන්නේ  මේ සින්ඩි මේ දේවල් නැති උනානම් බ්ලොග් කියන එක සාර්ථක වෙන්නේ නෑ.......මට මුලින්ම හම්බ වුනු සින්ඩිය තමයි සිංහල බ්ලොග් කියවනය කියන එක ......ඒකට බ්ලොග් එක ඇතුල් කරන්න කලින් බොහොම අඩු  ගණනක් තමයි බ්ලොග් එක බැලුවේ එත් ඊට පස්සේ ලැබුණු ප්‍රතිචාර ගොඩක් වෙනස් වුනා...... ඊට පස්සේ මට හම්බ වුනු සින්ඩි තමයි මේ........මේ හැම දෙනාටම මේ කරන සේවය වෙනුවෙන් බ්ලොග් ලියන හැම කෙනාගේම ස්තුතිය පිරි නැමිය යුතුයි කියලයි මට හිතෙන්නේ .....ඇත්තටම මේ සින්ඩි හදපු හැමෝටම ස්තුතියි...................අද බ්ලොග් ලියන කියවන විවිධ තලයේ සමාජ මට්ටම් තියන පිරිසක් ඉන්නවා ....ඒ හැම දෙනාම සම්පත්.. එක වර්ගේ කුරුල්ලෝ එකට එකතු වෙනවා කියනවනේ නේද......මේ විදිහට බ්ලොග් හදල ලියන්නෙත් එකම මානසික මට්ටමක් තියන් පිරිසක් ඒ පිරිස එකතු කරගන්න විදිහක් තියනවනම් ගොඩක් වටිනවා.......සුහද හමුනම් තියනවා ඒක ගොඩක්  හොදයි ඊට වඩා දෙයක් ඒ හරහාම  කරන්න අපිට පුළුවන් උනොත් ගොඩක් වටී නේද?

හරි මේ මට හම්බ වුනු සින්ඩි මේ හැරෙන්න ඔයාල දන්න තව සින්ඩි තියනවනම් ඒ ලින්ක් එක comment එකක් විදිහට මේ පොස්ට් එකට දාන්න කියල කාරුණිකව ඉල්ලනවා 

No comments:

Post a Comment