Thursday, July 16, 2015

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්නට

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්නට 
 මම මේ ලිපි පෙළ හරස්පාරේ ලියන එක නවත්තන්න හිතුවේ එත් අද මම අලුත් නිවුස් එකක් දැක්කා ......දැනට ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි 1000 තියනවලු එකෙන් 51 තහනම් කරාලු ...මට එක දැක්කම හිනා ගියා ඒ මොකුත් නෙමෙයි.....පය බර වායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් තමයි එක .......ඇත්තටම අපේ රටේ ඉන්න පොඩි පරම්පරාව බෙර ගන්න ඕනි.හැබැයි මේ ක්‍රම වලින් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ලගා වෙන්න ලේසි නෑ.....අපි අද ජිවත් වෙන්නේ හුදකලා ලෝකෙක නෙමෙයි ........දැනට මේක බහු කාර්ය කොම්පැනි එකක් වෙලා ඉවරයි 
      
                           
එක හින්දම මට තවත් ලිපි පෙළ ඉදිරියට ලියන්න හිතුනා.....එක එක වෙබ් අඩවි තහනම් කරනවට වඩා විදිහක් අපිට හොයන්න වෙයි

අද මම ලියන්නේ නිල් චිත්‍රපට නළු නිලියක් වෙන්න ඕනි සුදුසුකම් ගැන ...........මේ කර්මාන්තෙ වැඩි පුරම ප්‍රසිද්ධ ඇමරිකාවේ ඒ අය බලන මුලික සුදුසුකම් මෙන්න 

01-අවුරුදු 18 ට වැඩිවීම 
මෙය අනිවාර්ය වේ.නමුදු මෙය රටින් රටට වෙනස් වේ

02-STD වාර්තා ඉදිරිපත් කිරීම
මෙය අනිවාර්ය වුවකි.එනම් ලිංගික රෝග වැලදී ඇද්ද පිළිබද මේ තුලින් සොයා බලනු ලැබේ.සෑම චිට්‍රපටයකම රගපෑමට පෙර ඒ පිළිබද වාර්තාවක් ලබා දිය යුතුය .සෑම දින 30 කට වරක් මෙය ලබා දීමද කලයුතු වේ මෙය මෙම කර්මාන්තය තුල පවතින අනතුරු දායක පැත්තකි 

03- හැදුනුම්පත ලග තබා ගැනීම 
මෙය මෙම චිත්‍රපට කර්මාන්තය තුල නියැලෙන්නන්ට නිකුත් කරනු ලබන ID එකකි .එය නොමැති අයකුට මෙම අවස්ථාව නොමැත එය නීතිමය අවශ්‍යතාවකි

04-හොද පෙනුමක් තිබීම
ඔබගේ සිරුර ලිංගික අවයව ආදිය ඉතා පිරිසිදු මට්ටමක තිබීම මින් සලකා බලනු ලැබේ තවද සිරුරේ ලප ආදිය ඇත්නම් එය මේකප් මගින්  මකා දැමීම කල යුතු වේ එය ඉතා හොදින් නඩත්තු කර තිබීම කල යුතුය 

05-නිෂ්පාදක කාරය භාරය ඉටු කිරීම 
සෑම නිල් චිත්‍රපටයක් පිටුපසම එහි තිර රචකයෙක් ,අධ්‍යක්ෂණය කරනු ලබන්නෙක් ආදී ලෙස විශාල පිරිසක් සිටි එම පිරිසගේ අදහස අනුව රගපෑමට බැදී සිටීම අනිවාර්ය වේ 


තව සුදුසුකම් ගොඩක් තියනවා ඒ ගැන ඊලග ලිපියෙන් ලියනවා 

Wednesday, July 15, 2015

කාලා බලන් පැරණි හාලේ ගුණ

කාලා බලන් පැරණි හාලේ ගුණ

අලුත් අවුරුද්දක් ලැබුවා ඒ අලුත් බවත් එක්කම අපිට අහන්න ලැබුනේ හොද දේවල්නම් නෙමෙයි .......මේ අවුරුද්ද පුරාවට අපිට නැවත  එහෙම දේවල් අහන්න නොලැබේවා  කියලා අපි ප්‍රර්ථනා කරමු.දඹුල්ලේ තියනවා විශේෂ ගොවිපලක් මේ ලගදි අපේ ඔෆිස් එකේ අයත් එක්කම මම ඒ ගොවිපල බලන්න ගියා ....ඇත්තටම එක මසුරන් වටින වැඩක් කිසිම රසායනික පොහොරක් මේ ගොවිපලේ භාවිතා කරන්නේ නෑ.සම්පුර්ණයෙන්ම කාබනික පොහොර වලින් මේ ගොවිපල සරු කරනවා කිවුවොත් හරි තව දෙයක් මිනිස්සු හිතන්නේ නැති විශ්ව ශක්තිය ඒ ගොවිපලේ අස්වැන්න වැඩි කරගන්න භාවිතා කරනවා කිවුවොත් මොකද හිතෙන්නේ ඒ දේ ඒ අය කරනවා .හරි ඒ ගැන පස්සේ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා මේ ගොවිපලේ තියන වැදගත්ම දේ තමයි අපේ පාරම්පරික සහල් වර්ග වගා කරන එක අපි අහලවත් නැති නම් වී වර්ග ඒ අය ගාව තියනවා 

අද කාලේ අපේ රටේ යට නම්බුකාර ලෙඩ කීපයක් තියෙනවා දියවැඩියාව ප්‍රෙෂර් ඒ අතරින් මුලිකයි.....මේ ලෙඩ හැදෙන්න අපි කන කෑම මුලිකවම බලපානවා සම්බා දියවැඩියාව වැඩි වෙන්න හොදම බෙහෙත ඒ ගොවිපලේ වගා කරන වී වර්ග වගේම ඒ වී වල තියන ගුණය මෙන්න

         

Monday, July 13, 2015

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

මම මේ ලිපි ටික ලියන්න හේතුවුනු කරුණු මුල් ලිපියෙන් දැක්කනේ නේද ........මේක විශාල කර්මාන්තයක් කිවුවොත් හරි ඇත්තටම ලේසි නෑ මම මුලින්ම මම කිවුවනේ මේක පටන් ගත්ත විදිහ නේද ...........ඊට පස්සේ අපේ රටට පත්තර ආවා................එක වැඩි කාලයක් තිබුණේ නෑ ඊට පස්සේ එක සංයුක්ත තැටිය ආවා ..........පුලු පුලු වන් අය ඒක හොරෙන් බලන්න ගත්තා ඊට පස්සේ තමයි මේ අන්තර්ජාලයට වැඩේ ගියේ එකෙන් කාටවත් නොදැන තමන්ට බලන්ඩ ඕනි දේ බලන්ඩ පුළුවන් වුනා අද වෙනකොට මේක සරල නැති තත්වයට පත්වෙලා ........ඒ සරල නැති දේ අපේ රටේ විතරක් නතර කරන එක එච්චර ලේසි නෑ අද අන්තර්ජාල භාවිතා කරන අය මේ නිල්චිත්‍රපට හොයන ගණන් මිනුම් තමයි මේ........     

සෑම තත්පරයකම නිල් චිත්‍රපට සදහා වියදම් කරනු ලබන මුදල -ඇමරිකානු ඩොලර් 3075
සෑම තත්පරයකම නිල් චිත්‍රපට  නරබනු ලබන පිරිස       -28258
සෑම තත්පරයකම නිල් චිත්‍රපට සෙවුම් යන්ත්‍ර මගින් සොයනු ලබන පිරිස- 372
සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

පේනවනේ නේද මේක අද කොච්චර මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙලාද කියන එක මෙන්න මේ ලින්ක් එකෙන් ඒ රිපෝර්ට් එක බලාගන්න පුළුවන්http://internet-filter-review.toptenreviews.com/internet-pornography-statistics.html

නාලන්ද ගෙඩ්ගේ

                                                  නාලන්ද  ගෙඩ්ගේ

නාලන්ද තියෙන්නේ කොහෙද කියලනම් හැමොම දන්නවනේ නේද....................නාලන්ද අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට,,,,,,,,,,,,,,,,,,නාලන්දේ තියෙන හින්ද මේකට නාලන්ද  ගෙඩ්ගේ කියල කියනවා.මෙ ගමනටත් මම අර මුලින් කියපු  ගැන්සියම එකතු වුනා.
මාතලේ දඹුල්ල   ප්‍රධාන මාර්ගයේ ඉදලා කි;ම්;2 ව්තර ඇතුලට වෙන්න තමයි ගෙඩ්ගේ පිහිටල තියෙන්නේ ඇතුල් වෙන තැනම මෙන්න මෙ වගේ පුවරුවක් තියෙනවා.




Friday, July 10, 2015

FILM සිංහල SUBTITLES එක්කම TV ට්වි එකෙන් බලමු

FILM සිංහල  SUBTITLES එක්කම   TV  ට්වි එකෙන් බලමු 

අපි හැම දෙනාටම තියන පොදු ප්‍රශ්නයක් තමයි මේක.... PEN  DRIVE එකට ෆිල්ම් එකක් දාගෙන ෆිල්ම් එකක්   ට්වි එකේ බලන වෙලාවට අපිට ගොඩක් අකුරු වෙනුවට පෙන්නේ කොමා ඇල ඉරි වගේ ඒවානේ ඒ වෙලාවට හිතෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නැනේ.....ඒ වෙලාවට ඉතින් ලැප් එකට පෙන් එක ගහලා එක අමුන ගන්න වෙනවනේ ටීවී එකට......නැත්තන් ඉතින් ඒකට හරියන ප්ලේයර් එකක් හොයාගන්න වෙනවා මෙන්න එකට හරියන පොඩි සොෆ්ට් වෙයාර් එකක් හොදටම වැඩ කරනවා වැඩේ කරගන්න යන්නෙත් පොඩි වෙලාවක් විතරයි මෙන්න ලින්ක් එක https://tjosm.com/3449/hardcode-sinhala-subtitle-file-video/

Wednesday, July 8, 2015

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න 

නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන්  ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ උනේ 
හැම දේටම ඉතිහාසයක් තියනවා වගේ මේ වැඩේටත් ලොකු ඉතිහාසයක් තියනවා මුලුන්ම මේ නිල් චිත්‍රපටයක් හදන්නේ 1908 දී ඇමරිකානු සමාගමක් සෙබළකු ගැහැණු සේවිකාවක සමග තබාගත් ලිංගික සබදතාව පිළිබඳ මෙහිදී ප්‍රදර්ශනය කළා 




                                                           
                                             මුලින්ම සාදන ලද නිල් චිත්‍රපටිය 



Tuesday, July 7, 2015

සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

මම ඉස්සර වෙලාම බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද කියල.....කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ තමයි අහම්බෙන් කියන එක.......ඇත්තටම නිකන් අන්තර්ජාලය සැරිසරනකොට තමයි මම ඉස්සර වෙලාම බ්ලොග් කියන එක දැනගත්තේ .......අපිට ලස්සන භාෂාවක් තියනවා ඒ සිංහල.......සිංහල කියන ජාතිය හැරුනම මම දන්න තරමින් වෙන ලෝකේ කිසිම ජාතියක් සිංහල භාවිතා කරන්නේ   නෑ......අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් රුසියාවේ යනවා රංගනය ගැන ඉගෙන ගන්න.......එහෙ ගීයාට පස්සේ එයාට මුලින්ම හම්බ වෙන්නේ.....වචන උච්චාරණය කිරිම ගැන ඉගෙන ගන්න ඒකට ඒ අය භාවිතා කරන භාෂාව තමයි සිංහල .........ඒ තරමට අපේ රටේ භාෂාව ලස්සනයි......

අපේ අතීතය වැළලුනු බිමක සිට

අපේ අතීතය වැළලුනු බිමක සිට 

අපේ කම මේ මහා පොලවේ හැම තැනම තියෙනවා කිවුවොත් හරි පයට පාගන දුවිල්ලක් ගානෙම අපිට ඒ  හැගීම දැනේන්න ඕනි. එහෙම අපේ කම දැනෙන තැනක් ගැන තමයි අද මම ලියන්න හදන්නේ ඒ තමයි ඉබ්බන් කටුව සුසානාගාරය ......මේක මතක් වෙද්දීනම් මට වෙච්ච ඇබද්දියක් මතක් වෙනවා මම කැම්පස් ඉන්න කලේ අපේ සින්නෙක්  වැඩකරා tv channel එකක ඒක ඉන්ග්ලිෂ් එකක් ඒ අතරේ discover channel එකේ කට්ටියකට ඕනි වෙලා තිබුන මේ තියන සොහොන් බිම් ගැන film එකක් හදන්න ඒ අය මේ වැඩේ මම කිවුව කෙනාට තමයි  බාර ලංකාවේ වැඩේ බාර දීලා තිබුනේ එයාල එනකොට ඕනි දේවල් කරලා තියන්න ඒ අය කිවුව දෙයක් තමයි මේ සොහොන් බිම් ඊට පස්සේ ඊජිප්තු පිරමීඩ මේ ඔක්කොම එකම යුගයක හදපුව කියන ඒක. මේ තැන ගැන ව්ස්තර කරන්න හොද කෙනෙක් හොයල දෙන්න කියල තමයි එය   මට කිවුවේ එයලා ටිකක් අමුතු විදිහට වැඩකරන අය කොහොම හරි මේ තැන ගැන පත්තරේට ලිපි ලියපු කෙනෙක් මට හම්බ උනා



මම ඒ කෙනා අපේ අදාළ කෙනාට සෙට් කරලා දුන්නා කොහොම හරි අවසානේ දින දාගත්ත විදිහට කට්ටිය ලංකාවට අවා කියමුකෝ ඉබ්බන් කටුවට ඇවිත් වැඩේ පටන් ගත්තා  මේ මනුස්සයා කැමරාව දැක්කට පස්සේ වෙවුලන්න ගත්තනේ දැන් මොකද කරන්නේ යන්තං වැඩේ ගොඩ දාගත්තා නැත්තන් discover  අය ඒ ගැන film එකක්  කරනවා තව ටිකෙන්, ඊට පස්සේ මේ සොහොන් ගැනලියන ලිපිය තමයි මේ ................................................


හරි අපි දැන් මේ තැන ගැන බලමුකෝ ඔයාලා dambulla ඉදලා කුරුණෑගල පැත්තට ටික දුරක් යනකොට පාරේ දකුණු පැත්තේ මෙන්න මේ වගේ පුවරුවක් හම්බ වෙනවා 


                                            

සෙනේ නැත නිම්මා -සොයයි පුතුනේ නුබේ අම්මා

සෙනේ නැත නිම්මා -සොයයි  පුතුනේ නුබේ අම්මා 

මගේ ජීවිතේට ලැබුණු සමහර අත්දැකීම් වලින් ගොඩක් ඒවා මගේ ජිවිත කාලෙටම අමතක වන්නේ නැති ඒවා ......ඇතැම් ඒවා ඒ තරමටම සංවේදී කිවුවොත් හරි .....මේකත් එහෙම එකක් මම ඒ වෙනකොට අග  නගරෙට වෙලා ඉගෙන ගන්න කාලේ ......
.

                                              
අග නගරේ කියන්නනේ පුදුම විදිහේ අත්දැකීම් ලැබෙන තැනක්නේ. හොද නරක දෙකම එකේ තියෙනවා ..ඒ කාලේ මම බෝඩින් වෙලා හිටියේ කොහොම හරි මගේ බෝඩිමට ලග වැඩිහිටි නිවාසයක් තිබුන...
සමහර වැඩිහිටි අය එතනට ඇවිත්  තිබුනේ තමන් හදාවඩා ගත්ත දරුවෝ ඉන්නවා එත් ඒ අය සලකන්නේ නැතුව .....සමහරු හොද ජොබ් කරපු අය, ඒ අයට ළමයි හිටියේ නැ.....ඉතින් දෙන්නාම ඇවිත් මේ නිවාසේ ගෙයක් කුලියට අරගෙන ඉන්නවා හොදට සල්ලි තියෙනවා වුනත් තමන්ට ලෙඩක් දුකක් හැදුනම බලන්න කෙනෙක් නැනේ .....
.
   

මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න

මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න 


අද කාලේ කොල්ලෙකුට සිගරට් එකක් බොන්න කොච්චර අමාරුද කාලයක් පොලිසියෙන් දලා ඇල්ලුවා..දඩ ගැහුවා උසාවි දැම්මා......ඇයි එහෙම කරන්නේ තොල් දෙක අතරින් තියලා දුම් උගුරක් අදිනකොට මොන තරම් පිරිමි කමක් ඇගට එනවද නේද?ඇයි මේකට විරුද්ධ වෙන අයට එක තේරෙන්නේ නැත්තේ.........ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රසිද්ධ තැන් වල දුම් බොන්නා මෝඩයෙක්  කියලත් ගහලා තියෙනවා.සිගරට් පෙට්ටියක් ගත්තම රජයේ අවවාදය දුම්බීම අහිතකරයි කියලත් ගහලා තියෙනවා මොන තරම් අසාධාරණද ?